May 20, 2024

අවුරුදු සමයේ අත්‍යාවශ්‍ය ආහාර මිලට වුණ දේ

රටේ පවතින තත්ත්වය සමඟ එක වරම අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක මිල ගණන් පැයෙන් පැය, දිනෙන් දින ඉහළ දැමීමේ සැලසුමක් රට පුරා ප්‍රබල ව්‍යාපාරිකයන් විසින් සිදු කරගෙන යන බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙනවා.

ඒ අනුව පාරිභෝගික භාණ්ඩ රැසක මිල ගණන් කෙසේදැයි සොයා බැලීම ඒෂියන් මිරර් අප විසින් සිදු කළා.

සම්බා සහල් කිලෝවක් 220ත් 230ත් අතර මිලකට අලෙවි වෙද්දී නාඩු සහල් කිලෝව රුපියල් 190ත් 200ත් අතර මිලකට අලෙවි වෙනවා.

කීරි සම්බා කිලෝවක මිල රුපියල් 260ක්. විදේශ රටවලින් ගෙන්වා අලෙවි කරන සහල් කිලෝවක් වෙළඳපොලේ රුපියල් 185 කට අලෙවි වන අයුරු නිරීක්ෂණය වුණා. 

සුදු සීනි කිලෝවක් රුපියල් 225කට අලෙවි වෙද්දි දුඹුරු පැහැති සීනි කිලෝවක් රුපියල් 235කට අලෙවි වෙනවා.

පරිප්පු කිලෝවක් රුපියල් 465ත් 470ත් අතර මිලකට අලෙවි වෙද්දි රුපියල් 35කට අලෙවි වූ දිය ලුණු කිලෝව මේ වන විට රුපියල් 60 ක මුදලකට අලෙවි වීම විශේෂත්වයක්.

වෙළෙඳ පොළේ වැඩි වශයෙන් ඉල්ලුමක් ඇති මිරිස් කරල් රුපියල්   1500 කි. මිරිස් කුඩු කිලෝ එකක් රුපියල් 1600 ත් 1700ත්  අතර ඉහල මිලකට ලෙවි වෙද්දී ඒවා ප්‍රමිතියකින් තොර බව ජනතාව වෙළඳපොලේ දී පෙන්වා දුන්හ .

එමෙන්ම සරක්කු කිලෝවක් රුපියල්  690ත් 750 ත් මිලක් පවතිනවා.

කහ කුඩු කිලෝවක් 4000 සිට 6000ක මිලකට අලෙවි වන අතර පොල්තෙල් කිලෝ එකක මිල රුපියල් 950ක්. 

තිරිගු පිටි කිලෝවක් රුපියල් 175 කට අලෙවි වෙද්දී සැමන් ටින් එකක් රුපියල් 390ත් 410ත් අතර ඉහළ මිලකට අලෙවි කෙරෙනවා.

අලුත් අවුරුදු සමයේ වැඩි වශයෙන් අලෙවි වන මුං ඇට කිලෝවක් රුපියල් 890ත් 900ත් අතර මිලකට අලෙවි වෙද්දී හාල්මැස්සන් කිලෝ එකක මිල රුපියල් 1200ක්.

සූදුරු කිලෝවක් 1700 කට අලෙවි වන අතර මහදුරු කිලෝව 1380ක්.

ඉතා අඩු මුදලකට පැවති සුදුලූණු කිලෝව රුපියල් 610 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූණු කිලෝවක් රුපියල් 210ක මිලකට  අලෙවි වෙද්දි අර්තාපල් අල කිලෝ එක රුපියල් 170ත් 190ත් අතර මිලකට අලෙවි වීම විශේෂත්වයක්.

අනෙක් සෑම භාණ්ඩයක්ම එනම් සුවඳ විලවුන්, සබන් වර්ග සහ නූඩ්ල්ස් වර්ග පපඩම්, කඩල, කව්පි, රෙදි සෝදන කුඩු වර්ග ආදී සියල්ල සියයට 80%ටත් වඩා ඉහළ මිල ගණන් යටතේ අලෙවි කිරීමට සිදුව ඇති බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 April 2022 11:29