May 19, 2024

මිරිහානේ සිද්ධියට කාන්තාවක් ඇතුළු 45ක් අත්අඩංගුවට

මිරිහාන ප්‍රදේශයේ ඊයේ පැවති විරෝධතාවයෙන් අනතුරුව කාන්තාවක ඇතුලු පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ, සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 5 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. 

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊයේ මෙලෙස විරෝධතාවයේ නිරත වූ පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචන්ඩකාරී තත්ත්යක් ඇති කළේ යැයි අනාවරණ වී ඇති බවයි.

ඔවුන්ගෙන් බහුතරයක් අත්අඩංගුවට ගෙන ඇති බව ද එමඟින් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 April 2022 08:47