May 20, 2024

කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතා Featured

කොළඹ - පුත්තලම මාර්ගය මදුරන්කුලිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ලොරි රථ රියදුරන් පිරිසක් අද උදෑසන විරෝධතාවක් ආරම්භ කළා.

ඔවුන් ඉල්ලා සිටින්නේ මදුරන්කුලිය - මුන්දලම සමූපකාර සමිතියට අයත් පිරවුම්හලෙහි ගබඩා කර ඇති ඩීසල් ලීටර 3,000ක් ඉන්ධන නොමැති ලොරි රථ රියදුරන් සඳහා නිකුත් කරන ලෙසයි.

දින පහක සිට ප්‍රදේශයේ ලොරි රථ රියදුරන් මෙලෙස ඉන්ධන පිරවුම්හල අසළ දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

පසුව ඔවුන් අද පෙරවරුවේ මහා මාර්ගයේ බිම වාඩිවෙමින් විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂනයේ නිරතවන බවයි එහි සිටින ඒෂියන් මිරර් වාර්තාකරු කියා සිටියේ.

Rate this item
(2 votes)
Last modified on Friday, 01 April 2022 09:32