May 20, 2024

නුවරඑළියේ වසන්ත සැණකෙළියටත් විරෝධය - කාල්ටන් අවුරුදු උත්සවයත් නවතා දමයි (PHOTOS)

නුවරඑළිය බස් නැවතුම්පොලේ සිට ගමන් ආරම්භ කරන දුර සහ කෙටි දුර ධාවන බස් රථ රියදුරන් අද (01) වැඩ වර්ජනයක් ආරම්භ කරමින් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටින බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

දින ගණනාවක් තම බස් රථ ධාවනයට ඩීසල් ඉන්ධන නොලැබුණු බවත්, ඒ අනුව තමන්ට ඩීසල් ඉන්ධන ලබා දෙන ලෙස රජයට බලකරමින් මෙම බස් රථ වර්ජනය ආරම්භ කල බවයි බස් රථ රියදුරන් කියා සිටියේ.

මේ අතර මෙම වර්ජනයේ නිරතව සිටින රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඇතුළු ප්‍රදේශවාසින් නුවරඑලිය නගරයේ පිහිටි කාල්ටන් පෙර පාසල වෙත ගොස් එම පාසල ඉදිරිපිට කළු කොඩි අතතිව උද්ඝෝෂණයේ නිරත වෙමින් කියා සිටියේ එම පෙර පාසලේ අද (01) පැවැත්විමට සැලසුම් කර ඇති අවුරුදු උත්සවය නතර කරන ලෙසයි.

ඒ අනුව එම පෙර පාසලේ අවුරුදු උත්සවය නතර කර දැමිමට සංවිධායකයින් විසින් පියවර ගත් බව නුවරඑලිය පොලිසිය පැවසුවා.

නුවරඑලිය මහ නගර සභාව මගින් අද (01) දින සිට මේ මස 30 දින දක්වා පවත්වන වසන්ත උදානය නතර කරන ලෙසටද උද්ඝෝෂණයේ නිරතව සිටින පිරිස කියා සිටියි.

නුවරඑලිය නගරයේ අද (01) පැවැත්වෙන උද්ඝෝෂණය හේතුවෙන් පොලිස් කැරලි මර්ධන ඒකකය ඇතුළු පොලිස් නිලධාරින් වසන්ත උදානය පැවැත්වෙන නුවරඑලිය ග්‍රේගරි වැව පරිශ්‍රයටත්, කාල්ටන් පෙර පාසලටත් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Friday, 01 April 2022 10:42