May 01, 2024

ශ්‍රීලනිපය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමෙන් ලිස්සයි: දෙකක් විතරක් යවයි

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පසුගිය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කැපී පෙනෙන කරුණු රැසක් දකින්නට ලැබුණා.

ඉන් එකක් වන්නේ ඊට සහභාගි නොවූ මන්ත්‍රීවරුන් හා ඔවුන් නියෝජනය කරන පක්ෂයි.

ශ්‍රීලනිප නියෝජනය

ආණ්ඩුවේ ප්‍රධාන සන්ධානගත පාර්ශවය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනකු සිටිනවා.

එහෙත් ඒ අතුරින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කණ්ඩායම රැස්වීමට සහභාගි වී සිටියේ මන්ත්‍රීවරු 2 ක් පමණයි.

ඒ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා සහ ශාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයා පමණයි.

අවම මන්ත්‍රී සහභාගිත්වය

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකට ශ්‍රී.ල.නී.පය නියෝජනය කරමින් අවම මන්ත්‍රී සංඛ්‍යාවක් සහභාගි වූ රැස්වීම මෙය ලෙසයි හැඳින්වෙන්නේ.

ශ්‍රී.ල.නි.පය නියෝජනය කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වූ දෙදෙනා අතුරින් නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා සෘජුවම ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින්නෙක්.

නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ඔහු දරන ඇමති ධූරය ශ්‍රීලනිපය වෙනුවෙන් දැරුවත් ඇමති ධුරවලින් ඉවත් වීමට ශ්‍රීලනීපය ගත් තීන්දුව තරයේම ප්‍රතික්ෂේප කළ කෙනෙක්.

ඇමති ධුරයෙන් පමණක් නොව ශ්‍රී.ල.නි.පය ආණ්ඩුවෙන් ඉවත් වීමටද ඔහු විරෝධතාවය දක්වනවා.

Rate this item
(2 votes)
Last modified on Monday, 28 March 2022 09:26