April 26, 2024

හෙටත් පැය 05ක විදුලි කප්පාදුවක්

හෙට (23) දිනයේදී A, B, C, D , E, F, G, H, I, J, K , L දක්වා කලාපවලට පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.

P, Q, R, S, T, U, V, W දක්වා කලාප සඳහා හෙට පැය 02 යි විනාඩි 40 ක විදුලි කපා හැරීමක් සිදුවනවා.

ඒ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ පැයක් බැගින්ද පස්වරු 04.30 සිට රාත්‍රී 09.30 දක්වා කාලය තුලදී පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇති.

Rate this item
(2 votes)