May 13, 2024

ජල කප්පාදුවත් ඇරඹෙයි - දවස් දෙකක් වතුර නෑ

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියලි කාලගුණයත් සමඟ පානීය ජලය ලබා ගන්නා ජල මුලාශ්‍ර වල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල වැටීම හේතුවෙන් හැටන් ප්‍රදේශයට පානීය ජලය දින දෙකකට වරක් නිකුත් කරන බව හැටන් ජල සම්පාදන මණ්ඩලය අවධාරණය කර සිටිනවා.

හැටන් ජල සම්පාදන මණ්ඩලයට පානීය ජලය ලබා ගන්නා සිංගිමලේ ජලාශයේ සහ දික්ඔය ඔටරි ප්‍රදේශයේ ජල මුලාශ්‍ර සිදි යාම නිසා මෙම පියවර ගත් බව හැටන් ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියෙකු ඒෂියන් මිරර් වෙත පැවසුවා.

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත්, ජලය නිකුත් කරන විට ජලය එක්රැස් කර තබා ගන්නා ලෙසත් හැටන් ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ පිලිබදව හැටන් ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ව අද (16) දින ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුවත් කිරිමට පියවර ගෙන තිබුණා.

Rate this item
(1 Vote)