May 06, 2024

ඇමරිකානු තානාපතිනිය දළඳා සමිදු වැඳ පුදා ගනී

ඇමරිකා එක්සත් ජනපදයේ මෙරට තනාපති ජූලි චං (Julie Jiyoon Chung) මහත්මිය ඊයේ (15) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගෙන තිබෙනවා.

තානාපතිවරිය ශ්‍රී දළදා මාලිගාවේ දී ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේතුමන් විසින් පිළි ගෙන තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ විවිධත්වයෙන් යුත් සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම සඳහා දීර්ඝ කාලයක සිට එක්සත් ජනපදය ලබා දෙන සහයෝගයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් මහනුවර ඉපැරණි ලෝක උරුම රජ මාලිගය අභිවර්ධනය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ද තානාපතිවරියගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා එක්ව සිදු කරන මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපදය විසින් අරමුදල් ප්‍රදානය කර තිබෙනවා.

May be an image of 5 people, people standing and indoor

May be an image of 3 people and indoor

May be an image of outdoors and text

May be an image of 7 people, people standing, outdoors and brick wall

May be an image of 10 people, people standing and indoorMay be an image of 5 people, people standing and indoor

May be an image of 5 people, people standing, people sitting, indoor and text that says 'ridaladamaligawa.lk JK Ol L'

May be an image of 4 people, people standing and outdoors

May be an image of 2 people, people sitting and indoor

May be an image of 2 people, indoor and text

May be an image of 2 people, people standing and indoor

May be an image of 1 person, standing and indoor

Rate this item
(0 votes)