April 28, 2024

ඉන්ධන හල් වසා දමයි - ඉන්ධන පෝලිම් තවත් දිගු වෙයි

ඉන්ධන ප්‍රවාහනය කරන පෞද්ගලික බවුසර් රථ හිමියන් අද (16) දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරිමත් සමග නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් රැසක සංචිතයේ ඩීසල් නොමැති බව ඉන්ධන පිරවුම්හල් හිමියන් පැවසුවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර් රථ මගින් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලට ඩීසල් ඉන්ධන ලිටර් 6600 නිකුත් කිරිමත් සමග එම ඉන්ධන පිරවුම්හල් වලින් ඩීසල් ලබා ගැනිමට වාහන හිමියන් විශාල පිරිසක් ඉන්ධන පිරවුම්හල් අසල පොලිම් වල රැදි සිටින අයුරු ඒෂියන් මිරර් වාර්තාකරුගේ කැමරාවේ සටහන් වී තිබෙනවා.

පෙට්‍රල් මිල දි ගැනිමටද ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ පෙට්‍රල් වලින් ධාවනය කරවන වාහන රැසක රියදුරන් සහ රථ වාහන හිමියන් ඉන්ධන ලබා ගැනීමට දැඩි උනන්දුවක් දක්වන අයුරු අප කැමරාවේ සටහන් වුණා.

ඉන්ධන පිරවුම්හල් වල දින කිහිපයක සිට භුමිතෙල් අලෙවි කිරිමට නොමැති බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන් කියා සිටියේ.

ගෑස් හිගය දින කිහිපයක සිට තවදුරටත් පවතින අතර, ගෑස් තොග ලැබෙනතුරු ගෑස් අලෙවි නියෝජිතයන් ඔහුන්ගේ වෙලදසැල් ඉදිරිපිට හිස් ගෑස් සිලින්ඩර් ගොඩගසා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 March 2022 16:30