May 11, 2024

කොළඹ ගාලු මුවදොර ඉදිරිපිට මාර්ගය සම්පූර්ණයෙන්ම වැසෙයි

කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයකම මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව මේ වන විට කොළඹ කොටුව, පිටකොටුව, කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය, මරදාන, මාලිගාවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකම මාර්ග දැඩි ලෙස අවහිර වී තිබෙනවා.

ඒ සමගි ජන බලවේගයේ විරෝධතා පාගමන හේතුවෙන්.

එම විරෝධතා පාගමනේ විරෝධතාකරුවන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්වී සිටිනවා.

විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ කිරීම හේතුවෙන් එය වැළැක්වීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

Rate this item
(1 Vote)