May 03, 2024

මහනුවර රජවාසලට ඇමරිකාවෙන් ආධාර

සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදල හා ශ්‍රී ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කරනු ලබන මහනුවර පැරණි රාජමාලිගාවේ සංරක්ෂණය හා පුරා විද්‍යා කෞතුකාගාරය අභිවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් (julie Chung) මහත්මියගේ සහ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගිත්වයෙන් අද (15) ආරම්භ කෙරුණා.

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා පුරා විද්‍යා  දෙපාර්තමේන්තුව අතර ඇති කර ගන්නා ලද එකඟතාවකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපදව විසින් ඇමරිකානු ඩොලර් 265000 ක් වැය කිරීමට නියමිතයි.

මහනුවර පැරණි රාජමාලිගාවේ සංරක්ෂණය හා පුරා විද්‍යා කෞතුකාගාරය යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුම ලෙස නම්කර තිබෙනවා.

ඉපැරණි මහනුවර රාජධානයේ ඉතිහාසය සම්බන්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීම මගින් ඒවා අනගත පරපුර වෙත රැකදීමත් ඒ සම්බන්ධ අධ්‍යනය කරන අය වෙත පහසුකම් සැලසීමත් මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සම්බන්ධතාවයේ ශක්තිමත් බව තහවුරු කෙරෙන බව මෙහිදී  ඇමරිකානු තානාපතිනිය පවසා තිබෙනවා.

රටක ඉතිහාසයේ ඇති සමෘධිමත්භාවය සැමරීමෙන් වඩාත් ශක්තිමත් අනාගතයක් නිර්මාණය කරගත හැකි බවත් මෙම ව්‍යාපෘතිය මගින් ඊට අඩිතාලම සැකසෙන බවත් ඇය පවසා සිටියා.

මෙවැනි ව්‍යාපෘති 14 ක් සඳහා එක්සත් ජනපදය 2021 වසරේ සිට ශ්‍රී ලංකාවට අරමුදල් සපයා තිබෙන බවද තානාපතිනිය ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2022 16:23