May 04, 2024

තවත් ඇමතිවරු 4ක් දිවුරුම් දෙයි Featured

කැබිනට් සංශෝධනයේ ඇමති ධුර වල වෙනසක් අද දිනයේ සිදු කර තිබෙනවා.

ඒ අතර කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

වනජීවී රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කළ විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමති ලෙස දිවුරුම් දී තිබෙනවා.

මේ අතර සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්ව සිටි අරුන්දින ප්‍රනාන්දු මහතා යළි එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ අද (04) දිවුරුම් දුන්නා.

එමෙන්ම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ දිලුම් අමුණුගම මහතා අද ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

එමෙන්ම සී.බී.රත්නායක මහතා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (04) දිවුරුම් දී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 04 March 2022 15:19