April 23, 2024

ගල් කොරියකට දී ඇති බලපත්‍රය අත්හිටුවන ලෙස බල කරමින් පදිංචිකරුවන් උද්ඝෝෂණයක

හැටන් රුවන්පුර ජනපදයේ පිහිටි ශ්‍රි විජය මංගලාරාම විහාරස්ථානයට සහ ජනපදයට ආසන්නයේ අවිධිමත් ලෙස සහ ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යන ගල් කොරියකට නිකුත් කර ඇති බලපත්‍රය අත්හිටුවන ලෙස බල කරමින් එම ගම්මානයේ පදිංචිකරුවන් ගල් කොරිය ඉදිරිපිට ඊයේ (03) දින උද්ඝෝෂණයක නිරත වුණා.

හැටන් රුවන්පුර ගල්කොරියට ආසන්නයේ පිහිටි ජනපදයේ පවුල් 200 පමණ පදිංචි වි සිටින අතර, එම පදිංචිකරුවන් කෘෂිකර්මාන්තය ජිවනඋපාය ලෙස සිදුකරගෙන යනු ලබනවා.

ප්‍රමිතියකින් තොරව අවිධිමත් ලෙස පවත්වාගෙන යන ගල්කොරියේ නිතර ප්‍රමිතියකින් තොරව ගල්බොර දමන බවත්, එසේ ගල්බොර දැමිම හේතුවෙන් තමන් පදිංචි නිවාස දෙදරිමට ලක් වි නිවාස වලට අලාභ හානි සිදු වි ඇති බවත් ඔවුන් පවසනවා.

එම ගල්කොරිය හේතුවෙන් තමන් පානිය ජලය සහ කෘෂිකර්මාන්තයට ජලය ලබා ගන්නා ජල මුලාශ රැසක් සිදී ගොස් තවත් ජල මුලාශ කිහිපයක් සිදී යාමේ අවධානමකට ලක් වි ඇති බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි හැටන් රුවන්පුර ජනපදයේ පදිංචිකරුවන් කියා සිටියේ.

තවද හැටන් රුවන්පුර ජනපදයට සහ විග්ටන් වතු යායට පිවිසීමට ඇති කාපට් අතුරා ඇති එකම මාර්ගය මේ වන විට ගිලා බැසිමේ අවධානමකට ලක් වී ඇතැම් ස්ථාන වල විශාල වලවල් හැරි ඇති බවත්, එම තත්ත්වය උද්ගත වී ඇත්තේ එම ගල් කොරියෙන් විශාල ටිපර් රථ යොදාගෙන හැටන් රුවන්පුර මාර්ගයේ ප්‍රවාහන කටයුතු සිදු කරන නිසා  බව උද්ඝෝෂණයේ නිරතව සිටි රුවන්පුර ජනපදයේ පදිංචිකරුවන් කියා සිටියා.

උද්ඝෝෂණය හමුවට පැමිණි හැටන් සහකාර පොලිස් අධිකාරි ෆාරුක් මහතා, හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන යන මහතුන් සහ රුවන්පුර ජනපදයේ ග්‍රාමසේවා නිලධාරිනිය එම ස්ථානයට පැමිණි උද්ඝෝෂකයන් සහ ගල්කොරියේ හිමිකරු සමග දිර්ඝ වශයෙන් සාකච්ඡා කර දෙපාර්ශවයටම එකගතාවයකට පැමිණිමට නොහැකි නිසා ගල්කොරිය සම්බන්ධයෙන් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරිය සමග සාකච්ඡා කිරිමට මේ මස (07) දිනට හැටන් පොලිසියේ නිලධාරින් අවස්ථාව ලබා දීමෙන් පසු හැටන් රුවන්පුර ජනපදයේ උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස විසිර ගියා.

Rate this item
(0 votes)