May 12, 2024

දිනේෂ් තවමත් නව ඇමතිකමේ දිවුරුම් දී නැහැ: එස් බී ටත් බලන් ඉන්න සිදුවෙලා

හදිසියේ සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනය අර්බුදකාරි මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා කර්මාන්ත ඇමැති ධුරයේ දිවුරුම් දීමට තවමත් කැමැත්ත පළ කර නැති වීමයි.

අර්බුදකාරි තත්ත්වය

මේ නිසා අධ්‍යාපන ඇමති ධූරයේ දිවුරුම් දීමට බලාපොරොත්තුවෙන් සිටින එස්.බී.දිසානායක මහතාටද එම ධූරයේ දිවුරුම් දීමට තවමත් නොහැකි වී තිබෙනවා.

දිනේෂ් ගුණවර්ධන මහතා කර්මාන්ත ඇමැති ධුරයේ දිවුරුම් නොදී ජනපති ලේකම් කාර්යාලයෙන් ඉවත්ව ගිය බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මීට පෙර කර්මාන්ත ඇමැති ධුරය දැරුවේ අද (3) එම ධූරයෙන් ඉවත් කළ විමල් වීරවංශ මහතායි.

තහවුරු කිරීම

ගුණවර්ධන මහතා ජනපති ලේකම් කාර්යාලයෙන් ඉවත්ව යාම ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාද මාධ්‍ය හමුවේ තහවුරු කළා.

2019 අගෝස්තු මහ මැතිවරණයෙන් පසු වූ ගුණවර්ධන මහතා විදේශ කටයුතු ඇමැති ධුරයේ දිවුරුම් දුන් අතර මීට පෙර සිදු වූ සුළු කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ඔහුට අධ්‍යාපන ඇමැති ධුරය ලබා දුන්නා.

ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැති ධුරයට අමතරව පාර්ලිමේන්තුවේ සභානායක සභා නායක ධූරයද දරනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 04 March 2022 07:07