May 19, 2024

විදුලි අර්බුදය මැද මහ දවල් සිදුකරන විදුලි නාස්තිය

උද්ගතව පවතින විදුලි අර්බුදය හේතුවෙන් මේ වන විට රට පුරා දිනකට පැය හතහමාරක් පමණ විදුලිය විසන්ධි කරනවා.

එලෙස විදුලි අර්බුදයක් තිබෙන අවස්ථාවක මහනුවර නගර මධ්‍යයේ මහ දවල් පවා විදුලි පහන් දැල්වෙන ආකාරය ඒෂියන් මිරර් වාර්තාකරුට දැකිය හැකි වුණා.                       

මහනුවර නගරයේ ඩී.එස්. සේනානායක වීදියේ බහුතරයක් විදුලි පහන් මේ ආකාරයෙන් දිවා කාලයේද දැල්වෙන ආකාරය දක්නට ලැබුණා.

ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණය කරමින් ඒෂියන් මිරර් වෙත සඳහන් කළේ සාමාන්‍ය ජනතාවට විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට උපදෙස් දෙන බලධාරීන් හට මෙම මහජන මුදල් විනාශය නොපෙනෙන බවයි.

මේ සම්බන්ධයෙන් මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතාගෙන් අප සිදුකළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ඩී.එස්. සේනානායක වීදියේ වීදි පහන් සඳහා විදුලිය සැපයීම සිදුකරනුයේ නගර සභාවෙන් නොව විදුලිබල මණ්ඩලයෙන් බවයි.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ බලධාරීන් දැනුවත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. 

Rate this item
(0 votes)