May 19, 2024

තවත් ඇත් පැටවෙක් පෙරහරකින් ගෙදර යයි

2016 වසරෙ යහපාලන රජය සමයේ නීතයානුකූල නොවන අයුරින් රදවා ගන්නා ලදැයි සැකපිට ශ්‍රීලංකාවේ විහාරස්ථාන වල හා ධනපතින්ගේ නිවෙස් වල සිටි අලි ඇතුන් තිස්පහක් පමණ අධිකරණය නියෝග මත අත් අඩංගුවට ගත්තා.

ඉන් පසුව එම අලි ඇතුන් පසු වුණේ උඩවලව ඇත් අතුරු සෙවණේ රැකවරණය යටතේ.

නීතිමය කටයුතු

නීතිමය කටයුතු අවසන් වීමෙන් පසු එහි සිටි තවත් ඇත් පැටවෙකු එම හිමිකරුවන්ට බාර දුන්නා.  

ඒ වාසනා දෙව්මිනි ඇතිනි පැටියා.  

පෙරහරකින් ගෙදරට

ඉකුත් 1 දා එසේ භාර දුන් වාසනා දෙව්මිණි ඇතිනි පැටියා වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා සහ එම මහත්මිය පෙරටු කර ගත් පෙරහරකින් ගෝවින්න රැටියල වාසනා බේකර්ස් වෙත කැදවාගෙන ගියා.

එහිදී වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා පැවසූයේ අද නීතිය යුක්තිය ඉටුවූ දවසක් ලෙස ඉතිහාසය සදහන් වන බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 March 2022 12:39