April 26, 2024

ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු යුක්රේන පෝලන්ත දේශසීමාවෙන් පිටතට ගැනේ

යුක්රේනයේ සිටින සිසුන් දෙදෙනෙකු ඇතුළුව ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු යුක්රේන - පෝලන්ත දේශසීමාව හරහා ඉවත් කර ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

පෝලන්තයේ වොර්සෝ සහ තුර්කියේ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මෙම කටයුතු සිදුකරමින් පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ.

එමෙන්ම, බෙලරූසයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 8කට අධික සංඛ්‍යාවක මෙරට සිසුන් 1556ක් ඇතුළුව ශ්‍රී ලාංකිකයින් 1600කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, ඔවුන් සමග මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළා.

මොස්කව් හි ශ්‍රී ලංකා තානාපතිවරයා අදාළ විශ්වවිද්‍යාල බලධාරීන්ශිෂ්‍ය සහ දෙමාපිය කණ්ඩායම් මෙන්මබෙලරුසයේ අනෙකුත් අදාළ ආයතන සමඟ සෘජුවම සම්බන්ධ වී ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්‍ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන්

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පවතින තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීම් අවශ්‍යතාව අනුව දෙමාපියන් වෙත නිකුත් කරන බවයි.

 

Rate this item
(0 votes)