May 10, 2024

ජය ශ්‍රී ලාගේ වාරණය ඉවත් කරයි

February 23, 2022

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම වළක්වාලමින් රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන දෙදෙනාට නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය අද (23) නියෝග කළා.

අරුණ ලියනගේ මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ මහාධිකරණය විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබූ අතර එම වාරණය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බැවින් එය ඉවත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීම්වලට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරමින් වාණිජ මහාධිකරණය විසින් අදාළ වාරණ නියෝගය ඉවත් කිරීමට නියෝග කළා.

Rate this item
(0 votes)