May 02, 2024

ලංසාට තවත් ලෙඩක්: සනත් "ඔක්සිජන්" නිශාන්තගෙන් තර්ජනයක්

February 18, 2022

පොදු ජන පෙරමුණ ආණ්ඩුව එහි සන්ධානගත පක්ෂ සමඟ ප්‍රසිද්ධියේම විවේචන කර ගැනීම සිදු කරනවා.

එහෙත් පොදුජන පෙරමුණ තුළ සිටින මැති ඇමැතිවරුන් අතර අර්බුද මෙතෙක් එළියට ආවේ නැහැ.

දුරකථන හඬ පටය

දැන් එම තත්ත්වය වෙනස් වී තිබෙන්නේ පොදු ජන පෙරමුණේම රාජ්‍ය ඇමතිවරයෙක් තවත් රාජ්‍ය ඇමතිවරයෙකුට තර්ජනය කරන දුරකථන සංවාද හඬපටයක් ප්‍රසිද්ධියට පත්ව තිබීම නිසා.

එම හඬ පටයට අනුව තර්ජනය කරන්නේ පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන සනත් නිශාන්ත පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයායි.

ඔහුගේ තර්ජනයට ලක් වන්නේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයායි.

පාරවල් ප්‍රශ්නය

දෙදෙනා දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරද ලංකා රාජ්‍ය අමාත්‍යවරයාට අයත් විෂයට අදාළ පාරවල් ප්‍රශ්නයක් මුල් කොටගෙනයි මෙම තර්ජනය කරන්නේ.

එම දුරකථන හඬ පටයට අනුව සනත් නිශාන්ත පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ලංසා රාජ්‍ය අමාත්‍යවරයාට තර්ජනය කරනවා.

"කරවලගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආනන්ද සරත් කුමාර පාරකට මුල්ගල තියනවා.නවත්තනව නම් නවත්තපං.ඒ මුල් ගල් තිබ්බොත් මම මාධ්‍ය සාකච්ඡාවක් තියල ගහනවා.මම උඹට ආයිත් කියන්නේ නැහැ."

"ඔයා ෆෝන් කට් කළාට කමක් නැහැ.මගේ ආසනයේ අපේ පාරවල් සේරම නතර කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්ට කියලා පාරවල් හදවලා.මම ආයෙත් උඹට කියන්නේ නැහැ.කුඩුපට්ටම් වෙන්න ගහනවා.මම ඔබට ආයෙත් කියන්නේ නැහැ නිමල් ලන්සා."

ගුරුවරිය දණ ගැස්සවීම

එම හඬ පටයේ කියවෙන ආනන්ද සරත් කුමාරත් ප්‍රකට චරිතයක්.

මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධුරය දරද්දී ගුරුවරියක් දණ ගැස්වූයේ ඔහුයි.

නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයාද තමාට තම අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා ඉඩ දෙන්නේ නැති බව පවසමින් එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක සිටින බව වාර්තා වනවා.

මේ අනුව අමාත්‍යංශයේ තිබූ ඔහුගේ බඩු භාණ්ඩ මෙන්ම අස් පස් කරගෙන ඇති අතර පෞද්ගලික කාර්ය මණ්ඩලයද ඉවත් කරගෙන තිබෙනවා.

සනත් නිශාන්ත පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයාද මීට කලකට පෙර ඔක්සිජන් නැතිව ජීවත් වීමට හැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් ප්‍රසිද්ධියට පත් වූ චරිතයක්.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 February 2022 10:59