May 17, 2024

ඉපැරණි දාගැබක කැණීමක්: කිසිදා නොදුටු දෙයක් මතුවෙයි!

February 18, 2022

අන්දරවැව ප්‍රදේශයේ පැරණි ස්තූපයක් සං‍රක්ෂණය කිරීමේ වැඩ කටයුතු වල නිරත වූ පුරාවිද්‍යා නිලධාරීන්ට ධාතූන් වහන්සේ නමක් හමුවී තිබෙනවා.

රන් පත්‍රයක ඔතා තැන්පත් කර තිබියදී එම ධාතූන් වහන්සේ හමුවූ බව අනුරාධපුර පුරාවිද්‍යා නිළධාරීන් සඳහන් කළා. 

නොච්චියාගම අන්දරවැව ප්‍රදේශයේ පැරණි විහාරස්ථානයක පුරාවිද්‍යාත්මක කැණීමක් පසුගිය වසරේ සිදුකර තිබුණා.

එහිදී ගරා වැටී තිබූ ස්තූපයක් ද මතුකරගනු ලැබුවා.

එම ස්තූපයේ සං‍රක්ෂණ කටයුතු මේ දිනවල සිදුවන අතරතුර එහි ගර්භයේ තිබී රන් පත්‍රයක ඔතන ලද ධාතූන් වහන්සේ හමුවී තිබෙනවා.

ධාතූන් වහන්සේලා හමුවන්නේ කරඬුවක තැන්පත් කිරීමෙන් වුවද රන්පතක ඔතා තිබී හමුව ඇත්තේ පළමු වතාවට බවයි පුරාවිද්‍යා නිළධාරීන් පෙන්වා දෙන්නේ. 

Rate this item
(1 Vote)
Last modified on Friday, 18 February 2022 08:26