May 01, 2024

පිබිදෙන පොළොන්නරුවෙන් ගොඩ ගියේ සිරිසේනගේ ඥාති පැලැන්තිය: හිටපු මහ ඇමති

February 17, 2022

පිබිදෙන පොළොන්නරුව වැඩ සටහන මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති ධුරයේ සිටිද්දී දියත් කළ වැඩසටහනක්.

තම දේශපාලන නිජභූමිය ඉලක්ක කර කළ එම වැඩසටහනින් ඔහුගේ පවුලේ උදවිය මුදල් හම්බ කළ බවට මේ වන විට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

හිටපු මහ ඇමති

ඒ චෝදනාව එල්ල කරන්නේ හිටපු ජනපතිවරයාට කලක් වඩාත් සමීපව සිටි හිටපු උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න මහතා විසින්.

ඔහු සඳහන් කරන්නේ පිබිදෙන පොලොන්නරුව වැඩසටහනේ ඉදිකිරීම් වලට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත් සිරිසේන මහතා විසින් ඔහුගේ පවුලේ උදවියට ලබාදුන් බවයි.

ඔහු මේ බැව් සඳහන් කරන්නේ මහජන නියෝජිතයන්ගේ පවුල් රජයට සම්බන්ධව ව්‍යාපාර කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහනම් කර තිබෙන බවද මතක් කර දෙමින්.

හිටපු ජනපතිගේ ව්‍යාජ ප්‍රතිරූපය

හිටපු ජනපතිවරයා තමන් පිරිසුදු පුද්ගලයෙකුයි ප්‍රකාශ කළද ඔහු එවැනි පුද්ගලයකු නොවන බව හිටපු මහ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

හිටපු ජනපතිවරයා ඔහුගේ රජයේ මුදල් ඇමැති ධුරය දරු රවී කරුණානායක මහතා සමග ප්‍රශ්න ඇති කර ගත්තේ කරුණානායක මහතා සිය දියණියට මත්පැන් අලෙවි සැල් බලපත්‍රයක් ලබා නොදුන් නිසා බවද ඔහු හෙළිදරව් කරනවා.

පේෂළ ජයරත්න මහතා මේ අදහස් පළ කළේ පුද්ගලික රූපවාහිනී සේවයක ජනප්‍රිය වැඩසටහනකට සහභාගී වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 February 2022 08:04