March 29, 2024

රනිල්ගෙන් යළිත් අනතුරු ඇඟවීමක්: දුප්පතුන් වැඩි වෙලා - මධ්‍යම පන්තිය සුනේ සුන්

February 17, 2022

රට මුහුණ දී සිටින ප්‍රධානතම ප්‍රශ්නය ඩොලර් නැති කමේ ප්‍රශ්නයයි.

එම ප්‍රශ්නය මත නුදුරු අනාගතයේදී රටට මුහුණ දීමට සිදුවන තත්ත්වය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළිත් වතාවක් අනතුරු අඟවා තිබෙනවා.

ඩොලරයේ සැබෑ වටිනාකම

ඔහු සඳහන් කරන්නේ මේ වන විට රු.200 යාන්තම් ඉක්මවූ අගයක ඩොලරය තබාගෙන සිටියත් ඩොලරයේ සැබෑ වෙළෙඳ පොළ වටිනාකම රු. 250 ඉක්මවා ඇති බවයි.

එය නුදුරේම රු. 275 දක්වාත් වසර අවසානයේ එය රු. 300 දක්වාත් වැඩි වනු ඇති බවට වික්‍රමසිංහ මහතා අනාවැකි පළ කරනවා.

ඔහු මීට මාස 6කට පමණ පෙරත් මේ මතයම පළ කළා.

දිළිඳු හා මධ්‍යම පංතිය

මේ ආර්ථික අර්බුදය හමුවේ දිළිඳු පන්තියට අලුතින් ලක්ෂ 5 ක පමණ පිරිසක් එකතු වී සිටින බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා මධ්‍යම පන්තිය කඩා වැටී ඇති බවත් සඳහන් කරනවා.

මධ්‍යම පන්තියේ කඩා වැටීම තව දුරටත් සිදුවන බවට අනාවැකියක් පළ කරන ඔහු තවත් බොහෝ පිරිසකට මධ්‍යම පංතියෙන් පිට වීමට සිදුවන බවත් අනාවරණය කරනවා.

ඒ හැරුණු කොට ජූනි , ජූලි මාස වල් වන විට ණය ගෙවීමට සිදුවන බව වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ එම මුදල ඇමරිකානු ඩොලර් බිලියන 6ක් බවද මතක් කර දෙමින්.

මුදල් ගෙවන ක්‍රමය

තවමත් ලෝක බැංකුව සමග ආණ්ඩුව සාකච්ඡා කර නොමැති බැවින් මෙම ණය මුදල ගෙවීමට ක්‍රමයක් සොයා ගැනීමට සිදුවන බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතික පක්ෂ නායකයා මෙන්ම එම පක්ෂය නියෝජනය කරන එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද වන වික්‍රමසිංහ මහතා මේ අනතුරු ඇඟවීම කළේ සුපුරුදු පරිදි වීඩියෝ පටයක් නිකුත් කරමින්.

Rate this item
(2 votes)
Last modified on Thursday, 17 February 2022 07:50