May 01, 2024

අධිවේගයේ ගෙන ගිය සුපිරි රථ ගැන විමර්ශන CIDයට

February 16, 2022

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රවාහනය කෙරෙන අතිසුඛෝපභෝගී ජීප් රථ දෙකක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වනවා.

එම වාහන දෙක ප්‍රවාහනය කෙරෙන ආකාරය වීඩියෝගත කරනුයේ ඊට පසු පසින් ගමන් ගන්නා තවත් වාහනයක සිටිනා පුද්ගලයෙක්.

මේ වන විට මෙරටට වාහන ගෙන්වීමට තහනමක් ඇති සමයක මෙලෙස අධි සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් මෙරටට ආනයනය කළේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ඉන් පසුව විවිධ අදහස් පළ කළා.

මෙම වීඩියෝවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

සබැඳි පුවත් - තහනම නොතකා සුපිරි රථ දෙකක් අධිවේගය හරහා ගෙන ගියේ කවුද? (VIDEO)

Rate this item
(0 votes)