May 04, 2024

ලඟදීම විවෘත වන මධ්‍යම අධිවේගයේ අලුත්ම ඡායාරූප

September 30, 2021

ඉදිකිරීම් නිමා වෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර කොටසේ ජායාරූප මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

මෙම කොටස ලබන මාසයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

රට පුරා මාර්ග දෙපස පැල දස ලක්ෂයක් සිටවීමේ හරිත ව්‍යාපෘතිය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා දෙවන අදියරේ රුක් රෝපණය කිරිමේ වැඩසටහනක්ද පසුගියදා සිදු කෙරිණි.

මෙම රුක් රෝපණ වැඩසටහන පසුගිය දා මීරිගම අන්තර්හුවමාරුව අසලින් ආරම්භ කෙරිණි.

එහිදී පැකේජ 4 ක් යටතේ ඉදිකිරීම් කටයුතු සිදු කරන මීරිගම සිට පොතුහැර දක්වාවූ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඒ ඒ පැකේජ තුල තෝරාගත් බිම් ප්‍රදේශ වල මගුල් කරද සහ රොබරෝසියා පැල 200 කට ආසන්න ප්‍රමාණයක් රෝපණය කෙරිණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 September 2021 12:15