May 04, 2024

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් නවතා දමයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නවතා දැමීමට රජය තීරණය කර තිබෙනවා.

එම මාර්ගයේ ඉදිකිරීම් සැලැස්ම යළි සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹෙන තුරු මෙම ඉදිකිරිම් තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ සඳහා මහජන අදහස් හා මහාමාර්ග හා වාරිමාර්ග ඉංජිනේරුවරුන්ගේ ද අදහස් සැලකිල්ලට ගැනීමට නියමිත බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර සිටියා.

අවශ්‍ය වුවහොත් අදාළ සැලැස්ම සංශෝධනය කිරිමට රජය සුදානම් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

සැලැස්ම සමාලෝචනය කර ඉදිරි සති දෙක තුළ අවසන් තීරණයට එළැඹෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

පසුගිය දිනවල ඇදහැලුණු වර්ෂාවත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වූවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසි ජලය බැසයාමේ සැළැස්මකින් තොරව සිදුකිරීම නිසා මෙම තත්ත්වය උදාවූ බවට යි ජනතාවගේ පාර්ශවයෙන් චෝදනා එල්ල වූයේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 14 June 2021 06:56