May 04, 2024

තහනම නොතකා සුපිරි රථ දෙකක් අධිවේගය හරහා ගෙන ගියේ කවුද? (VIDEO)

February 14, 2022

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රවාහනය කෙරෙන අතිසුඛෝපභෝගී ජීප් රථ දෙකක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වනවා.

එම වාහන දෙක ප්‍රවාහනය කෙරෙන ආකාරය වීඩියෝගත කරනුයේ ඊට පසු පසින් ගමන් ගන්නා තවත් වාහනයක සිටිනා පුද්ගලයෙක්.

එමෙන්ම ඔහු එම රූගත කිරීම සිදු කරන අවස්ථාවේ මෙම රථවාහන මෙරටට ගෙන ආ ආකාරය සහ මේ වන විට රථ වාහන ආනයනයට තහනමක් පනවා ඇති මොහොතක මෙලෙස රථ වාහන ලංකාවට පැමිණෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද ප්‍රශ්න කිරීමක් සිදු කරනවා.

මේ පිළිබඳව අප කළ සොයා බැලීමේ දී අපට දැන ගන්නට ලැබුණේ, අදාළ ක්‍රයිස්ලර් එස්කලාර්ඩේ අති සුඛෝපභෝගී ජීප් රථ දෙක ම ඇමරිකාවේ සිට මෙරටට ආනයනය කර ඒවා බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 February 2022 18:01