May 10, 2024

රජයේ ගමන වැළැක්වීමේ උත්සාහයක්! විදේශීය බලවේගත් හවුල්

February 09, 2022

ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට පසුගිය ආණ්ඩු කළ කණ්ඩායම් නැවතත් එක්ව සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

කුමන අභියෝග හමුවේ වුව ද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වූ පොරොන්දු ප්‍රකාරව ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහළ නැංවීමටත් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමටත් තමා කැපවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ “පළමු පොදුජන රැලිය” අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පොදුජන රැලිය පැවැත්වුණා.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අභියෝග හමුවේ රජය අත්පත් කරගත් ඉලක්ක පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහජන රැලි මාලාව සංවිධාන කරයි.

මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට එදා කටයුතු කළාක් මෙන් දේශීය හා විදේශීය බලවේග එක්ව නැවත රජයේ ගමන වැළැක්වීමට උත්සාහ කරන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉදිරි පරම්පරාවේ සුබසිද්ධිය ඉලක්කගතව ක්‍රියාවට නැංවෙන බවත් එබැවින් කුමන බාධක පැමිණිය ද අඛණ්ඩව පෙරට යන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

ආණ්ඩුවට විරුද්ධව පාරට බැස වර්ජන කරන අය ආණ්ඩුව දෙස නොව ජනතාව දෙස බැලිය යුතු බවත් රාජ්‍ය සේවකයන් රටත් ජනතාවත් වෙනුවෙන් සේවයට කැපවිය යුතු බවත් පිබිදෙමින් පවතින ආර්ථිකය ආරක්ෂා කරගැනීමට රට නොවසා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට ඉඩ තැබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා සිහිපත් කළා. 

Rate this item
(0 votes)