May 10, 2024

ඇප දුන් හිස්බුල්ලා අද අධිකරණයෙන් පිටව යයි

February 09, 2022

ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අද පුත්තලම මහාධිකරණයෙන් පිටව ගියා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගරගත කර සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින ලෙසයි අභියාචනාධිකරණය පසුගියදා නියම කළේ.

රක්ෂිත බන්ධනාගරගත කර සිටින හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් සහ මුදල් ඇපයක් මත නීතිඥ හිජාස් හිස්බුල්ලා මුදා හැරීමටයි හලාවත මහාධිකරණ විනිසුරු මාලනී අබේරත්න මහත්මිය නියෝග කළේ. 

Rate this item
(0 votes)