May 02, 2024

ආණ්ඩුවේ ලොක්කන් අනුරපුරට රැස්වෙයි! කරපු වැඩ කියන්න සූදානම්

February 09, 2022

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන රැලිය අද(09) පස්වරු 2.00ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

රජයේ දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රට පුරා සංවිධාන කෙරෙන රැස්වීම් මාලාවේ පළමු වැන්න අද අනුරාධපුරයේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ආරාධනය මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරු සහ රජයේ මැති ඇමැතිවරු ද ඊට සහභාගි වීමට නියමිතයි.

Rate this item
(2 votes)