May 10, 2024

චීනය ගැන කියමින් ඇමති ජී.එල් ඉන්දියාවට සහතිකයක් දෙයි Featured

February 09, 2022

ශ‍්‍රී ලංකා භූමිය කිසිම විටකත් මිතුරු රටකට විශේෂයෙන් ඉන්දියාවට තර්ජනයක් වන ආකාරයෙන් භාවිතා කරන්න කිසිවිටකත් ඉඩ නොතබන බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා අවධාරණය කරනවා.

විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සහ ඉන්දියානු විදේශ අමාත්‍ය සුබ‍්‍රමනියම් ජයිශංකර් මහතා අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දීය මාධ්‍ය හමුවේ ජී.එල් පීරිස් අමාත්‍යවරයා මේ බව පැවසුවා. 

”මට සහතික වෙන්න පුළුවන් ශ‍්‍රී ලංකාව කිසිම විටකත් චීනයේ ණය උගුලක වැටෙන්නේ නැහැ. ඒ වගේම චීනයෙන් ලබා ගත් ණය ගෙවන්න බැරි වෙන්නෙත් නැහැ. ශ‍්‍රී ලංකාව චීනයත් එක්ක තියෙන ආර්ථික සම්බන්ධකම් ඉන්දියාවට හෝ කිසිම මිතුරු රටකට තර්ජනයක් වෙන්නේ නැහැ. ඒ වගේම ශ‍්‍රී ලංකා විදේශ ප‍්‍රතිපත්තිය කිසිම රටකට විශේෂයක් කරන්නෙ නැහැ.

හම්බන්තොට වාරයේ පාලනය හෝ අයිතිය චීනයට දෙන්න වෙන්නේ නැහැ මොකද හම්බන්තොට වාරය පාලනය වෙන්නෙ ශ‍්‍රී ලංකා වාරය අධිකාරියෙන්. කිසිම දිනක මුස්ලිම් අන්තවාදීන්ට ශ‍්‍රී ලංකා භූමිය යොදා ගනිමින් ඉන්දියාවට හෝ කිසිම රටකට තර්ජනයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම අපේ රට තුල මුස්ලිම් අන්තවාදීන්ට ඉඩ නෑ. ඒක අපිටත් තර්ජනයක් ” යනුවෙන් අමාත්‍යවරයා කියා සිටියා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 09 February 2022 11:43