May 10, 2024

ඉන්ධන මිල වැඩි කරන්න සිපෙට්කෝ සූදානම්! ඇමතිගෙන් ඉඟියක් - සභාපති පාඩුව කියයි

February 09, 2022

ඉන්දීය තෙල් සමාගම (අයි.ඕ.සී) මගින් සිදුකළ ඉන්ධන මිල ඉහළ නැංවීමට සාපේක්‍ෂව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද තීන්දුවක් ගැනීමට සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

නමුත් ඉන්ධන මිල ඉහළ නැංවීමක් ගැන රජය මෙතෙක් සාකච්ඡා නොකළ බවයි ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා කියා සිටියේ.

අයි.ඕ.සී සමාගම ගත් තීරණය හේතුවෙන් ගැටලුවකට මුහුණ දෙන්නට සිදුව ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපතිවරයා ද පවසා තිබූ බව ඇමතිවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ වහාම ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු බවට සංස්ථාව මේ වන විටත් රජයට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි.

ලංකා ඉන්දීය සමාගම තම බෙදුම් හල්වල ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණයට සාපේක්ෂව මෙම ඉල්ලීමක් කළ බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව නුදුරේදීම මිල වැඩි කිරීමක් සිදු වුණු ඇති බවයි හෙතෙම ප්‍රකාශ කළේ.

පසුගිය මාසයේ බොරතෙල් මිල අනුව සංස්ථාව ඩීමල් ලීටරයකින් රුපියල් 32.50ක් හා පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් පහකට ආසන්න අලාභයක් ලබන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ. 

පෙබරවාරි මාසය වන විට ඇති බොරතෙල් මිල මේ ආකාරයෙන්ම පැවතුණහොත් ඩීසල් ලීටරයකින් රුපියල් 48.30 ක අලාභයක් දැරීමට සිදුවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ.

එමෙන්ම පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 15.68 අලාභයක් සිදුවන බවද සභාපතිවරයා පෙන්වා දුන්නා.

ඉන්දීය තෙල් සමාගම විසින් සිය ඉන්ධන මිළ වැඩි කිරීමත් සමග ඔවුන්ගේ පාරිභෝගිකයන් ද සිපෙට්කෝ බෙදුම්හල් වෙත පැමිණීම හේතුවෙන් තම අලාභය ඉහළ යන බව ද ඔහු අවධාරණය කළා.

Rate this item
(0 votes)