May 21, 2024

යතුරු පැදි හොරකමේ ගිය ක්‍රීඩකයෙක් කොටු කළ මෙහෙයුම (PHOTOS)

February 07, 2022

අලෙවියට තිබෙන යතුරුපැදි මිලදී ගන්නා මුවාවෙන් සිදුකරගෙන ගිය යතුරුපැදි සොරකමක් හෙළිදරව්ව කර ගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා.

ඒ අනුව සීසීටීවී කැමරා ඔස්සේ යමින් 20 හැවිරිදි තරුණයෙකු ඊයේ (06) අත්අඩංගුවට ගත් බව බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව තුමාර මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.

පාවිච්චි කල යතුරුපැදි අලෙවි කරන ස්ථාන වලින් මොහු මෙම සොරකම සිදුකර තිබෙන බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී තිබෙනවා.

මොහු සොරාගෙන තිබූ යතුරුපැදි තුනෙන් දෙකක් බදුල්ලේ වෙළදසැල් දෙකකින් සොරා ගෙන තිබූ අතර එක් යතුරුපැදියක් සොරකම්කර ඇත්තේ මහියංගණයේ වෙළදසැලකිනි.

සොරාගෙන තිබූ යතුරුපැදි වල වටිනාකම රුපියල් ලක්ෂ 13ක් පමණ වන බවයි පොලීසිය සඳහන් කළේ.

යතුරුපැදි සොරකම සම්බන්ධයෙන් සිදුකරන ලද පැමිණිලි ඔස්සේ අදාල ආයතන ආසන්නයේ වෙළදසැල්වල සීසීටීවී කැමරා පරීක්ෂාවේදී මෙම සොරකමට අදාල පුද්ගලයා හදුනාගෙන තිබෙනවා.

ඒ අනුවයි මෙම 20 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට පත් තරුණයා බදුල්ල ගලඋඩ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මොහු බර ඉසිලීම් ක්‍රීඩකයෙක් බව විමර්ශණයේදී අනාවරණය වූ බවයි පොලීසිය පැවසූවේ.

සොරකම් කරන ලද යතුරුපැදි දෙකක් මහියංගණ ප්‍රදේශයෙන් හා අනෙක් යතුරුපැදිය සැකරුගේ නිවසේ තිබියදී සොයාගෙන තිබෙනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බදුල්ල - ජයලත් දිසානායක

Rate this item
(0 votes)
Last modified on Monday, 07 February 2022 15:24