May 21, 2024

ඇමති ජී.එල් ඉන්දියාවට! ද්විපාර්ශ්වික සාකච්ඡාවලට සූදානම්

February 07, 2022

තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා ඊයේ(06) ඉන්දියාවට ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සිය සංචාරයේදී ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා හමුවීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

තවද ඔහු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා අවසන් වරට සිය ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය පීරිස් මහතා හමුවූයේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී ජාතීන් දෙක හවුල් න්‍යාය පත්‍රය අනුව ඔවුන්ගේ සමීප හවුල්කාරිත්වය සහ ඉදිරි ගමන සඳහා පුළුල් සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදීය.

ජනවාරි මාසයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය රාජපක්ෂ මහතා සමඟ මාර්ගගත හමුවක් පැවැත්වූවා.

එහිදී ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1ක් සහ ඉන්දියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ඉන්දියානු ණය පහසුකම දීර්ඝ කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කර තිබෙනවා.

සාක් ව්‍යවහාර මුදල් හුවමාරු විධිවිධාන යටතේ ඇමරිකානු ඩොලර් 400 ශ්‍රී ලංකාවට දීර්ඝ කිරීම සහ ආසියානු නිෂ්කාශන සංගමයේ (ACU) පියවීම මාස දෙකකින් ඩොලර් මිලියන 515.2 ක් කල් දැමීම පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා මෙම හමුවේදී ධනාත්මකව සටහන් කර තිබෙනවා.

ඉන්දීය රජය පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට අනෙකුත් ගෙවුම් ශේෂ ආධාරවලට අමතරව ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ද ප්‍රකාශයට පත් කර තිබුණා.

සිකුරාදා, ඉන්දියාව සිය කොවිඩ්-19 සහය යටතේ ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල(Rapid Antigen Test) 100,000 ක තොගයක් ශ්‍රී ලංකාවට එවා තිබෙනවා.

ඉදිරි දිනවලදී තවත් එවැනි කට්ටල බෙදා හරින බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.

Rate this item
(0 votes)