May 06, 2024

ඖෂධ මිල යළි ඉහලට - පැරසිටමෝල් හිඟයක්

February 06, 2022

ඖෂධ මිල යළි ඉහල යාමේ වැඩි ඉඩකඩක් පවතින බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ ඖෂධ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් මුදා හළ නොහැකි වීම හේතුවෙන්.

එනිසා ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඹෟෂධ ඉහළ යන මිල

ඔවුන් පවසන්නේ පාලන මිල ඉවත් කිරීම හෝ ඖෂධ මිල සියයට පහළොවකින් ඉහළ දමන ලෙසයි. 

ඖෂධ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට ඩොලර් නොමැති බව වාණිජ බැංකු ප්‍රකාශ කිරීම හේතුවෙන් ආනයනකරුවන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

එමනිසා කර්මාන්ත මණ්ඩලය අමාත්‍යාංශයෙන් අදාළ ඉල්ලීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

පැරසිටමෝල් හිඟයක්?

2021 වර්ෂයේ අගෝස්තු මස ඖෂධ මිල සියයට නවයකින් ඉහළ දැමීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ සැපයීම හා නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය විසින් අවසර ලබා දුන්නා.

ඒ වන විට ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 176කට අලෙවි වුවද මේ වන විට එය රුපියල් 230 ඉක්මවා ඇති බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය පැවසුවා.

අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා ශ්‍රී ලංකාවේ පැරසිටමෝල් පෙති නිපදවීමද අඩාළ වී තිබෙනවා.

පැරසිටමෝල් පෙත්තක පාලන මිල රුපියල් එකයි ශත පනස් නමයකි. අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා එම පාලන මිලට පැරසිටමෝල් නිපදවිය නොහැකි බව සමාගම් විසින් පෙන්වා දී තිබෙනවා.

මේවන විටත් ෆාමසි වල සහ වෙළෙඳ සැල්වල පැරසිටමෝල් හිඟයක් පවතින බව වාර්තා වනවා.

පවතින තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයද මුදල් අමාත්‍යාංශය හා ඖෂධ සැපයීම් නිෂ්පාදන පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළද මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බව ආනයනකරුවන් ප්‍රකාශ කරනවා.

Rate this item
(0 votes)