May 21, 2024

ජනපති මල්වතු මහා විහාරයට! පන්සලක් සඟසතු කොට පූජා කරයි

February 06, 2022

ඓතිහාසික මල්වතු මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු “මාත්ගමුව පන්සල” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සඟසතු කොට පූජා කර තිබෙනවා.

ඊයේ (05) පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

මල්වතු මහා විහාර භූමියේ පිහිටි මාත්ගමුව පන්සල් පැරණි ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් ඉවත් කර ජනාධිපතිවරයාගේ උපදෙස් මත නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් වසරක් තුළ නව තෙමහල් ගොඩනැඟිල්ල ඉදි කෙරුණා.

ඓතිහාසික චාරිත්‍රයන්ට අනුව නව ගොඩනැඟිල්ල සඟසතු කොට සන්නස් පත්‍රයක් මගින් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ට ජනාධිපතිවරයා අතින් පූජා කෙරිණ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ගොඩනැඟිල්ලේ යතුර අනුනායක හිමියන් වෙත පූජා කළා.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා.

අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන හිමියන්  බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

Rate this item
(0 votes)