May 03, 2024

ලංවිමේ ලොකු පුටුවක් වෙනස් වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා පත්කර තිබෙනවා.

ලංවිම සභාපති එම්.සී.සී.ප්‍රනාන්දු මහතා විසින් ඔහුට එම පත්වීම් ලිපිය පිරිනමා ඇති අතර ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්ව සිටි ආචාර්ය සුසන්ත පෙරේරා මහතා එම තනතුරෙන් ඉවත්කර තිබෙනවා.

ලංවිම ඉංජිනේරු සංගමය කළ අඛණ්ඩ අරගලය හේතුවෙන් සුදුස්සාට සුදුසු තැන ලැබුණු බවද ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කළා.

Rate this item
(0 votes)