May 06, 2024

ලයිට් කැපිල්ලට විසඳුම ඩිලාන් කියයි: බලශක්තිය ලොකුගේට - විදුලි බලය ගම්මන්පිලට: වැඩේ ගොඩ

විදුලිබල හා බලශක්ති ඇමතිවරු අතර තිබෙන ප්‍රශ්නය මත බැට කන්නේ ජනතාව.

ඒ දෛනිකව සැරින් සැරේ විදුලිය කප්පාදු වීම මත.

ඇමතිවරු අතර ගැටුම

ඊට හේතුව විදුලිබල අමාත්‍යාංශයට තමන් යටතේ ඇති විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන ඩීසල් ලබාදීම බලශක්ති අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කිරීමයි.

දැනටත් අතිවිශාල ණයක් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට තිබෙන විදුලි බල මණ්ඩලයට ඩීසල් ලබා ගැනීම සඳහා ඩොලර් ලබාදෙන ලෙසත් එසේ ලබාදුන් පසු තෙල් ලබා දෙන බව බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබෙන කාරණයක්.

මන්ත්‍රීගේ විසඳුම

ඊට අපූරු විසඳුමක් ආණ්ඩු පක්ෂයේම ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් වන ඩිලාන් පෙරේරා මහතා මාධ්‍ය හමුවක් තබමින් ආණ්ඩුවේ ප්‍රධානීන්ට යෝජනා කරනවා.

ඒ කැබිනට් මණ්ඩල සංශෝධනයකදී දෙදෙනා අතර දැනට දරන ඇමති ධූර මාරු කිරීමය.

ඒ අනුව බලශක්ති අමාත්‍ය ධූරය ගාමිණි ලොකුගේ මහතාටත් විදුලි බල අමාත්‍ය ධූරය උදය ගම්මන්පිල මහතාටත් ලබා දිය යුතු බවයි ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා යෝජනා කරන්නේ.

එවිට මේ ප්‍රශ්නය විසඳෙන බව සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 January 2022 11:44