May 12, 2024

පෝට් සිටි බලන්න යන අයට අලුත් නීතියක්! ගාස්තුත් අය කරයි - ගෙවන්නේ චීන බැංකුවට

කොළඹ වරාය නගරයේ ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට අවස්ථාව ලබාදෙමින් ඒ සඳහා වන ගාස්තු කොළඹ වරාය නගර සමාගම ප්‍රසිද්ධ කර තිබෙනවා.

මෙහිදී පෞද්ගලික සහ ව්‍යාපාර ලෙස කාණ්ඩ දෙකක් යටතේ ගාස්තු අය කෙරෙනවා.

ඒ අනුව පෞද්ගලික කාණ්ඩයේ පුද්ගලයන් දෙකේ සිට පහක උපරිමයට රුපියල් 30,000 ක් ද, පුද්ගලයන් හයේ සිට 10 කට රුපියල් 50,000 ක් ද, පුද්ගලයන් 10 කට වැඩිනම් ගාස්තුව වෙනස් වන බව වරාය නගර සමාගම පෙන්වා දෙනවා.

ව්‍යාපාරික කාණ්ඩයේ පුද්ගලයන් 10 කට අඩු නම් රුපියල් ලක්‍ෂයක් ද, පුද්ගලයන් 10 කට වැඩි නම් ගාස්තුව වෙනස් වන බවත් මෙම කාණ්ඩ දෙකටම එක අවස්ථාවකදී පැය තුනක කාලයක් හිමිවන බවත් එම සමාගම වැඩි දුරටත් පවසනවා.

පෝට් සිටි නිල වෙබ් අඩවියේ (portcitycolombo) මේ පිළිබඳ මිල ගණන් ප්‍රසිද්ධ කර තිබෙන අතර වීඩියෝ ශිල්පීන් සහ කැමරා ශිල්පීන්ට ඊට අදාල අයදුම් පත්‍රයද එහි දැක්වෙනවා.

විශේෂත්වය වන්නේ එම අයදුම්පත්‍රය අනුව අදාල මුදල් ගෙවීම කළ යුත්තේ චීන බැංකුවේ කොළඹ ශාඛාවේ කොළඹ පෝට් සිටි පුද්ගලික සමාගමේ ගිණුමටයි.

අදාල ගාස්තු අය කරන ආකාරය

May be an image of text that says 'CHEC Port City Colombo (Pvt) Ltd. Central 141719 No.54, Floors,C Colombo www.portcitycolombo.lk APPLICATION No. Personal App. Details the applicant Business/Commercial Business Commercial use) 2. NIC/Passport 3. Address 4. Telephone 5. Email Mobile Details the operation Videography Photography 6. Details fthe activity area Other 7. Purpose 8. No ofparticipants 9. Vehicle Registration nr/s 10. Event Date & Time Payment methods details Cash Cheque Bank transfer *Cheques be drawn favour of "CHEC City Colombo Private Ûited" *Bank Transfer (LKR) name CHEC Colombo Private Limited 100002800000719 Bank China Limited Colombo Branch Bank Signature the applicant Date Authorized Signature Date'

Rate this item
(0 votes)