April 28, 2024

කෝච්චි අතරමග නතර කරන රටකට සංචාරකයෝ එයිද? කම්කරු ඇමති ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

ගමන් කරන කෝච්චිය කිසිදු දැනුම් දැනුම් දීමකින් තොරව අතර මග නවතා දමන රටකට විදේශ ආයෝජකයින් හා සංචාරකයින් එයි දැයි නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කලා.

මෙවැනි ක්‍රියාවලින් පෙන්නුම් කරන්නේ රට අයාලේ යන බවයි ඔහු සඳහන් කළේ.

අනුමත කිරීමට බැහැ

වෘත්තීය සමිති , වෘත්තීය ක්‍රියාමාර්ග ජනතාවගේ අයිතියක් බව තමා පිළිගන්නා මුත් මෙවැනි වැඩ වර්ජන අනුමත කළ නොහැකි බව ඇමැතිවරයා සදහන් කරනවා.

ඒ නිසා ප්‍රථමයෙන්ම වෘත්තීය සමිති සඳහා විනයක් ඇති කළ යුතු බවට ඇමතිවරයා යෝජනා කරනවා.

වෘත්තීය සමිති වගකීම

වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග වලට පැමිණීමට පෙර ඒ පිළිබඳව වගකිව යුතු පාර්ශව හා ජනතාව කලින් දැනුවත් කිරීම කළ යුතු බවයි.

මෙම කරුණු ඉදිරිපත් කළ නිමල් සිරිපාල ද සිල්වා මහතා වෘත්තීය සමිති හා කටයුතු කරන කම්කරු ඇමතිවරයා වීම විශේෂත්වයක්.

නිමල් සිරිපාල ද සිල්වා  ඇමතිවරයා මේ අදහස් පළ කළේ ජනපතිගේ රාජාසන කතාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 January 2022 11:42