May 03, 2024

ආයෝජනයේදී වැදගත් දේශීයද, විදේශීයද කියන එක නෙවෙයි මෙන්න මේකයි : ජනපති පෙන්වා දෙයි

ආයෝජන වලදී වැදගත් වන්නේ ඒවා දේශීය ආයෝජනද විදේශීය ආයෝජනද යන්න වැදගත් නොවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතා අද (18) ප්‍රකාශ කළා.

ආයෝජන වලදී වැදගත් වන්නේ එම ආයෝජන අපිට වැදගත් දැයි යන්න පමණක්ම බව එහිදී ජනපතිවරයා පෙන්වා දුන්නා.

නව ආයෝජන

ඒ නිසා කල්පනාකාරීව තෝරා ගත් ක්ෂේත්‍ර වලට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ඉදිරි කාලයේදී ආණ්ඩුව වැඩි පරිශ්‍රමයක් දැරිය යුතු බවයි ජනපතිවරයා අවධාරණය කරන්නේ.

රැකියා වියුක්තියට පිළිතුර තිබෙන්නේ නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමෙන් පමණක් බව ජනපතිවරයා මතක් කර දෙනවා.

එහිදී ජනපතිවරයා පෙන්වා දුන්නේ මේ වන විට රටේ වැඩිම රැකියා අවස්ථා ප්‍රමාණය සපයා තිබෙන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බවයි.

දේශීය ව්‍යාපාරිකයින්ට ප්‍රමුඛතාව

එනිසා විවිධ ව්‍යාපාරවල යෙදෙන දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කොට ශක්තිමත් කිරීමට ආණ්ඩුව සැමවිටම ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව ජනපතිවරයාගේ මතය වනවා.

ඒ සඳහා දේශීය ව්‍යාපාරිකයන් දිරිගැන්වීම සඳහා උපරිම සහාය ආණ්ඩුවක් ලෙස ලබාදෙන බවයි ජනපතිවරයා සඳහන් කළේ.

ජනපති වරයා මේ අදහස් පළ කළේ නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 January 2022 15:20

Related items