April 19, 2024

වාහන ආනයනයට අවසර දුන් සැණින් කරන දේ ගැන ජනපති රාජාසන කතාවේදී කියයි

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් අද (18) දින සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළා.

එහිදී වාහන ආනයනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඉදිරියේ දී වාහන ආනයනය සඳහා අවසර ලබා දීමේ දී විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරනු ලබන බවයි.

එම වාහන සඳහා විදුලිය ලබා ගැනීමේ දී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සැලසුම් කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසුවා,

"වාර්ෂිකව අපේ රටේ ආනයන වියදමෙන් සියයට 20ක් පමණ වෙන්වන්නේ තෙල් ආනයනය සඳහායි. සමස්ත අපනයන ආදායම මසකට ඩොලර් මිලියන 1,000කටත් වඩා අඩු ප්‍රමාණයක් වන විට තෙල් සඳහා පමණක් මාසයකට ඩොලර් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක වියදමක් දැරීමට අපට සිදුවෙනවා. මෙලෙස ආනයනය කරන තෙල්වලින් සියයට 70ක් පමණ වැය වන්නේ වාහන සඳහා ඉන්ධන වශයෙන්. විදුලි උත්පාදනය සඳහා සියයට 21 ක් පමණ වැයවෙනවා. කර්මාන්ත සඳහා යොදා ගැනෙන්නේ සියයට 4ක් පමණයි. ඉදිරියේ දී වාහන ආනයන සඳහා අවසර ලබා දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවක් ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වාහන සඳහා විදුලිය සැපයීමේ දී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කරන්නට අපි සැලසුම් කළ යුතුයි."

Rate this item
(2 votes)

Related items