April 27, 2024

කාන්තාවන් දුෂණය කරන තරුණයෝ කියන්නෙත් නාමල් කියපු ඔය කතාවමයි - දයාසිරිගෙන් කට කැඩිච්ච උත්තරයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් යනවා නම් යන ලෙසත් එසේ යා යුතු ආකාරය පිළිබදවත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මීට ටික දිනකට පෙර පෙන්වා දී තිබුණා.

ආණ්ඩුව තැන තැන විවේචනය නොකර පොදු ජන පෙරමුණ පක්ෂ නායක රැස්වීමකදී කියන්න තිබෙන දේවල් කියා ආණ්ඩුවෙන් යන ලෙසට අමාත්‍යවරයා ශ්‍රී.ල.නි.ප නායකත්වයට උපදෙසක්ද ලබා දී තිබුණා.

මහ ලේකම්ගේ ප්‍රතිචාරය

නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ එම ප්‍රකාශයට ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පිළිතුරු දී තිබෙනවා.

ඔහු ඊට පිළිතුරු දෙන්නේ උදාහරණයක්ද සමගින්.

තරුණයෝ තමන් එක්ක සම්බන්ධකම් තිබුණු කාන්තාවන් දූෂණය කරලා , පාවිච්චි කරලා ඉවර වූ පසු එම කාන්තාවන්ට කියනවා "අඬන්නෙ නැතුව යන්න ඕයි යන්න කියලා".

ඇමතිගේ කතාවත් ඒ වගේ

නාමල් රාජපක්ෂ මහතාගේ කතාවක් අන්න ඒ වගේ කතාවක් ලෙසටයි ශ්‍රීලනිප මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී.ල.නි.ප මහ ලේකම්වරයා මේ අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමග පැවති සාකච්ඡාවකදී.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 16 January 2022 08:54

Related items