May 18, 2024

ආණ්ඩුවේ අලුත්ම පෝලිම: වරිපනම් බදු පෝලිම

ආණ්ඩුව ජනතාවට හඳුන්වා දී ඇති පෝලිම් ක්‍රමයට තවත් පෝලිමක් මේ වන විට එකතු වී තිබෙනවා.

ඒ වරිපනම් බදු ගෙවීමේ පෝලිමයි.

බදු එකතු කිරීම

මේ වන විට 2022 වර්ෂය සඳහා පළාත් පාලන ආයතන විසින් අදාළ බදු එකතු කිරීම කරගෙන යනවා.

එම බදු මුදල් අය කර ගැනීම සඳහා ජංගම සේවා මේ වන විට ක්‍රියාත්මකයි.

එහෙත් අවම සේවක සංඛ්‍යාවකගෙන් හා යල් පැන ගිය ක්‍රමවේදයන් වලට අනුව එම බදු එකතු කිරීම මත එක් එක් අයකුගේ බදු කොලය ලිවීම සඳහා විනාඩි 10 ට වැඩි කාලයක් ගත වන අයුරු දක්නට ලැබෙනවා.

ඒ අනුව පැයකට සේවය සැපයිය හැක්කේ බදු ගෙවන්නන් හත් අට දෙනෙකුට පමණයි.

මන්දගාමී සේවය

අදාල බදු භාර ගත් බවට රිසිට් පත ලිවීමට පෙර කලින් වර්ෂ වල බදු ගෙවීම මග හැර ඇද්දැයි පොත් පත් පෙරළා සොයා බලා ඉන් පසුව අදාළ රිසිට් පත ලිවීම සඳහා බොහෝ ස්ථාන වල සිටින්නේ එක් සේවකයෙක් හෝ සේවිකාවක් පමණයි.

එසේ බදු එකතු කරන ජංගම ස්ථානවල අදාල පළාත් පාලන ආයතනයේ සේවක සේවිකාවන් සිටියද ඔවුන් නිකරුනේ කල් ගෙවන අයුරු දක්නට තිබෙනවා.

මෙම තත්ත්වය මේ වන විට හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දැක ගන්නට පුළුවන්.

එම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරන්නේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතායි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 12 January 2022 17:46