May 05, 2024

හංගේරියානු විදේශ ඇමති ඇතුළු දූත පිරිසක් දිවයිනට! ගිවිසුම් කිහිපයකටත් අත්සන් තැබීමට සූදානම්

හංගේරියානු විදේශ අමාත්‍ය Peter Szijjarto මහතා ප්‍රමුඛ දූත පිරිසක් අද (12) අලුයම නිල සංචාරයක් සදහා මෙරටට පැමිණියා.

හංගේරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා විසිනි.

හංගේරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා සමග දූත පිරිස ලෙස තවත් 20 දෙනෙකු ද පැමිණ සිටියා. එම දූත පිරිසට එරට ව්‍යාපාරිකයින් පිරිසක්ද අයත්ය.

එම දූත පිරිස අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතයි.

අනතුරුව ඔවුන් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා හමුවීමට නියමිත අතර දෙරට අතර ගිවිසුම් කිහිපයකටද එළඹීමට නියමිතව තිබෙනවා. එහිදී අධ්‍යාපන සහයෝගීතාවය සහ කොහුවල ගුවන් පාලම් ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම හංගේරියානු විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කර අද පස්වරු 04.30 ආපසු පිටත්ව යාමට නියමිතයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 12 January 2022 11:05