May 12, 2024

අද එන්නත් ලබා දෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (08) දිනයේ ද ස්ථාන රැසකදී එන්නත් ලබා දීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 588 දෙනෙකු ඊයේ (07) දිනයේදී මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 590,651ක්.

වෛරසය ආසාදිතව තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 13,423ක් වන අතර, සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන්ලක්ෂ හැට දහසේ සීමාවා ඉක්මවා ගොස් තිබෙනවා.

සිදුව ඇති පුද්ගල මරණ ගණන ද පහළොස් දහස් එකසීයේ සීමාවට ආසන්නයි.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කොවිඩි 19 එන්නත්කරණ මධ්‍යස්ථානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්ථාපිත කර තිබෙනවා.

කොවිඩි 19 ව්‍යාප්තිය මැඩපැවැත්විම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධික්ෂණය යටතේ විදේශයන්හි සිට දිවයිනට පැමිණෙන ශ්‍රි ලාංකික ජනතාව වෙත පළමු, දෙවන හෝ තෙවන (බුස්ටර්) එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීමට අවස්ථාව ඊයේ (07) දින සිට මෙම පරිශ්‍රයෙන් සිදුවන ප්‍රමුඛතම සේවාව යි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායම දවස පුරා මේ සඳහා යොදවා ඇති අතර, දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන් හට තමන්ගේ අභිමතය පරිදි පැමිණීමේ පරියන්තයේ දී අදාළ එන්නත්කරණය සිදු කරගත හැකි බවයි ගුවන් හමුදා මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Rate this item
(0 votes)