May 02, 2024

"රටේ ජනප්‍රියම පුද්ගලයා මමයි" - මහින්දානන්ද සතුටින්

 ගත වූ මාස 07 තුල මේ රටේ ජනප්‍රියම පුද්ගලයා වුයේ තමන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.

ගොවියන් උද්ඝෝෂණය කරමින් තමන්ගේ අනුරූ සාදා ඒවාට ගිනි තැබුවද, එය තමන්ගේ ඉදිරි වැඩපිලිවෙලට බාධාවක් කර නොගත් බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

කාබනික පොහොර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනිමට තම උපරිම දායකත්වය ලබා දෙන බවත් රසායනික පොහොර ආනයනය කලද කාබනික පොහොර වගාව දිගටම සිදු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (07) සෞභාග්‍යා වැඩසටහන යටතේ නාවලපිටිය වැලිගම්පල ප්‍රදේශයේ පවුල් 100කට ගම්මිරිස් සහ පොල් පැළ ලබා දීමෙන් අනතුරුව පැවති ජන හමුවේදියි.

මේ රටේ ජනතාවගේ ගැටලුවලට සිව් මසක් තුල විසදුම් ලබා දීමට වත්මන් රජය කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ දිනවල රටේ ජනාධිපතිවරයා වාගේ කටයුතු කරන බවද මහින්දානන්ද මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 07 January 2022 21:31

Related items