April 28, 2024

සීගිරිය බල්ලන්ට ගිහින් - සංචාරකයින්ටත් එපා වෙයි (PHOTOS) Featured

ලෝක උරුම සීගිරිය වර්තමානය වන විට ජනතාවට ළඟා වීමට නොහැකි ඉතා අප්‍රසන්න දේශයක් බවට පත්වෙමින් තිබෙන බවත් සීගිරිය නව නගරය තනිකර අපායක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන් දැඩි පීඩනයකට පත් කරන තත්ත්වයකට පත්ව තිබෙන බවද ප්‍රදේශවාසින් පෙන්වා දෙනවා.

ලෝක උරුම බිම්කඩක් බවට නම් කළ ස්මාරකය ද මේ වන විට විනාශ වෙමින් පවතින බවත් සීගිරිය නව නගරයේ අයාලේ යන සුනඛයන් නිසා දෙස් විදෙස් සංචාරකයන්ට දැඩි පීඩනයක් පත්ව ඇති බව ද ඔවුහු පෙන්වා දෙනවා.

මෙම ස්ථානයට යන ඕනෑම වෙලාවක දෙස් විදෙස් සංචාරකයන් පසුපස හපා කන්නට යන විශාල සුනඛ රැල බරපතල හානියක් බවද පෙන්වා දෙන අතර දේශීය සංචාරකයන් සඳහා අනුමත නව නගරයේ රථ ගාල සම්පූර්ණයෙන්ම මඩ වගුරක් බවට පත්ව කුඩා කුඩා ජල තටාක බවට පත් වී ඇතැයි නව නගර වැසියෝ පෙන්වා දෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් තනා දුන් වෙළඳසැල් සියල්ල ගරා වැටී දැඩි අප්‍රසන්න තත්ත්වයකට පත්ව ඇති බවත් පෙන්වා දෙන අතර දේශීය සංචාරකයන් සඳහා ඉදිකර ඇති වැසිකිළි පද්ධතිය දොරවල් කැඩි අපිරිසිදුභාවයට පත්ව අඩුම තරමේ ජලය රැගෙන යෑමට හෝ භාජනයක් නොමැති තරමට පත්ව තිබෙනවා.

ලෝක උරුම සීගිරිය මෙලෙස විනාශ මුඛයට යාම කෙතරම් ඛේදනීයද?

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

 

Rate this item
(1 Vote)

Related items