අඩු ආදායම්ලාභී කාන්තාවකගේ සීගිරියේ පිහිටි ඉඩමක් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳගේ නමට සිදු කර ඇති පැවරීම අවලංගු කරන බව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසුරිය මහතා පවසයි.
අදාල ඉඩම හිමි කාන්තාවගේ සැමියා පවසන්නේ මිය යනතෙක් තමන් හා බිරිඳ රැකබලා ගන්නා බවට සිදු කළ ප්‍රකාශ හේතුවෙන් මෙම ඉඩම් පැවරීම සිදු කළ බවය.
දඹුල්ල – සීගිරියල මයිලැත්තෑව ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ඉඩමට ඓතිහාසික සීගිරිගල මනාව දර්ශනය වනවා පර්චස් 90 ක් පමණ වන මෙම ඉඩම හා නිවස ව්‍යාජ ලේඛන සකසා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳකගේ නමට පවරා ගැනීමට කටයුතු කර ඇති බවට හෙළිවීමත් සමග අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ වැඩ තහනම් කෙරුණේ ව්‍යාජ ලේඛන සැකසීමේ චෝදනාව මතයි.
මෙම ඉඩම රජයෙන් හිමිව තිබෙන්නේ ඇතුල්පේලිගේ පද්මිණී යන පද්මිණි යන කාන්තාවටයි. ඇය හා ඇගේ සැමියා අදාළ ඉඩමේ හා නිවසේ පදිංචිව සිටියි.
රෝගී තත්වය හේතුවෙන් එක්තැන් වී සිටින මෙම කාන්තාවට ප්‍රතිකාර කිරීමට පසුගිය කාලයේ පුද්ගලයෙකු ඉදිරිපත් වී සිට ඇත. ඒ මීට යාබදව පිහිටි ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඉඩම බලා ගන්නා පුද්ගලයාය.
ඉඩම හිමි කාන්තාව මෙලෙස අදහස් දැක්විය.
"බෙහෙත් අරන් දෙනවා කිව්වා. මම ඔයා ගැන බලන්නම් කිව්වා. බලපුවාම එයාට දෙන්න දෙයක් නැහැ අපිට. ඒ හින්දා මේ ඉඩමක් දෙන්නම් කිව්වා."
ඉඩම හිමි කාන්තාවගේ සැමියා ද මෙලෙස අදහස් දක්වනු ලැබිය.
"අපේ අසරණකමට අපි ඉතින් දුන්නා. අපි ඉතින් ගණන් හිලව් කතා කර ගත්තේ නැහැ. කතා කර ගන්න වෙලාවක් තිබුනෙත් නැහැ. මෙයා ගොඩක් අසනීප වෙලා ගෙනාවේ මම. ඊයේ පෙරේදා රුපියල් 10,000ක් ගෙනත් දුනා බඩු ටිකක් ගන්න. ගේත් එක්කම තමයි මේ ඉඩම දීලා තියෙන්නේ. මැරෙනකන් ඉන්න කියලා ලියුමක් දෙන්නම් කිව්වා."