May 04, 2024

විවාහ නීතියක් වෙනස් වෙයි

December 27, 2021

ශ්‍රී ලාංකිකයින් සහ විදෙස් ජාතිකයින් අතර සිදුවන විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර තිබෙනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසන්නේ එම විවාහ ලියාපදිංචි කිරීමේදී අවශ්‍ය ලේඛනවල වෙනසක් සිදු කර ඇති බව යි.

විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ මෙතෙක් ඒ ආකාරයේ විවාහ ද ලියාපදිංචි කළ බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, විදේශීය තැනැත්තා හෝ තැනැත්තියගේ වලංගු විදේශ ගමන් බලපත්‍රය, සිවිල් තත්ත්වය සනාථ කිරීමේ සහතිකය හා උප්පැන්න සහතිකය යන ලේඛණ තුන යොදා ගනිමින්.

කෙසේ නමුත් මින් ඉදිරියට විදේශීය පාර්ශවය සම්බන්ධයෙන් වූ ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ද විවාහය සඳහා අවශ්‍යවන බව සඳහන්.

එමෙන්ම එවැනි විවාහ ලියාපදිංචිය අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන් මගින් පමණක් සිදු කිරීමට යි තීරණය වී ඇත්තේ.

විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් අතර සිදුවන විවාහ ලියාපදිංචි කිරීමෙන් ජාතික ආරක්ෂාවට සිදු විය හැකි බලපෑම සහ උද්ගත වියහැකි සාමාජයීය ගැටළු පිළිබඳ සළකා බලා මෙම තීරණය ගෙන ඇති බව යි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම තීරණ ගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර ඇති කරගත් එකඟතාවයට අනුව බව ද පැවසෙනවා.

ඊට අමතරව තවත් දෑ මෙම විවාහ ලියාපදිංචියට එකතඇති අතර ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින්…

https://blogger.googleusercontent.com/img/a/AVvXsEjP_1UFzwZIFYbWN-gVpkWLDR2EQcv_FDnCvK330t7_d-O45tlBYdiF_aEGjFwbFTRtfvyGfYMtqzs97h4QG3tkrzzFLUpJQP6ss24sfn5F178Vt1N_VExRmIADCiKlX5ir_MXg3h7DB_BYfklle9YkNbd4RN9OoaK3TuFDRPoVE6ZynAZi5KJ_Qi1Mwg

https://blogger.googleusercontent.com/img/a/AVvXsEgv5whzN4Z-X5KRBtnkFXDs0ZsjJ8ZsVoorDLQd1tEZmInLtC5Coi-4S73EnG8t7HRplKSq-POs5tXvbvLgnVpFaJgQQcPglBAHgQt_O2zO-wp_aVRb3kvUQGogjVSBcrc9p-A4tCCAm3RrJ93SSbig4Rghk_w245h3c4BYrgNysqkHY0E1wBS-kPNxlg

Rate this item
(2 votes)
Last modified on Monday, 27 December 2021 10:54