May 03, 2024

ඇමැති මණ්ඩල සංශෝධනයක් ගැන රාජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

December 27, 2021

ලබන වසරේ මුල කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට රජයේ ආරංචි මාර්ග පසුගියදා සඳහන් කළා.

ඇඹිලිපිටියේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කුඩා වැවිලි භෝග ආශ්‍රිත අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඇමැති මණ්ඩල සංශෝධනයක් පිළිබඳව ඉඟි පළ කළා.

ඇමති මණ්ඩලය වෙනස් කර නව වසරේදී නව ජවයකින් ගමනක් යෑමට මෙන්ම ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ඨ කිරීමට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සම්පූර්ණ අයිතිය ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,

"ජනාධිපතිතුමාට අවශ්‍ය පරිදි ඇමතිකම් මාරු කරන්න පුලුවන්. උසස්වීමක් දෙන්න පුලුවන්. උඩ ඉන්න අය පහලට යවන්නත් පුලුවන්. රටේ ජනතාව දන්නවා වැඩ කලාද නැද්ද කියලා. රටක ඇමතිකම් මාරු කරන එක අද ඊයේ වුන දෙයක් නෙවෙයි. ඕනම ආණ්ඩුවක් ටික කලෙකට පස්සේ ඇමතිකම් එහාට මෙහාට කරලා ඇමති ධූර මාරු කරලා අලුත් ගමනක් යන්න හදනවා. ජනාධිපතිතුමා හිතනවා නම් මේ ඉන්න ඇමති මණ්ඩලය වෙනස් කරලා නව වසරේදී නව ජවයකින් ගමනක් යන්න ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ඨ කරන්න ඕන කියල ඒකට ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සම්පූර්ණ අයිතිය තියෙනවා. නායකයින් හිතනවා නම් මේ ඇමතිවරයාට මේ අමාත්‍යංශයට වඩා වැඩ කරන්න පුලුවන් වෙනත් අමාත්‍යාංශයක් දෙනවාද කියලා තීරණය කරන්න පුළුවන්. මට අමාත්‍යංශයක් දීලා තියෙනවා. ඒ අමාත්‍යාංශයෙන් හරියට වැඩ කලාද කියල ජනාධිපතිතුමා වගේම රටේ අයත් දන්නවා.

තමන්ට දුන්න විෂය සම්බන්ධයෙන් හරියට වැඩ කරන එක ඇමතිවරුන්ගේ වගකීමක්. ජනාධිපතිතුමාට කොයි වෙලෙත් කියන්න බැහැ මේක මේ ආකාරයෙන් කරන්න කියලා. ඇමතිවරුන් දැන ගන්න ඕන තමන්ගේ අමාත්‍යාංශය රට වෙනුවෙන් බබලවන්න. හැබැයි ඇමතිවරුන් වගේම රාජ්‍ය නිළධාරීන්ගේත් ප්‍රශ්න තියෙනවා. ජනාධිපතිතුමා තීරණය කරනවා නම් මේ මේ නිළධාරීන් සමග මේ විදියට වැඩ කරන්න බැහැ. මේ වැඩ තවත් වේගවත් කරන්න ඕන කියලා ඒ අය ඉවත් කරන්න ඕනේ. සභාපතිවරුන් ඉන්නවා නම් ඉවත් කරයි. ජනාධිපතිතුමා එනකොට කිව්වා හිට්ලර් කෙනෙක් කියල දැන් කියනවා තද නීති ගන්නේ නැහැ කියලා."

(ඇඹිලිපිටිය - ප්‍රගීත් ජනක)

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 December 2021 19:56